දෝනිගේ නායකත්වයෙන් යුත් දශකයේ ICC එක්දින කණ්ඩායමටත් ශ්‍රී ලාංකිකයෙක්

Date:

අයි.සී.සී දශකයේ එක්දින ක්‍රිකට් කණ්ඩායම අද ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කළා.

ඒ, පසුගිය දශකයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමින්.

එම කණ්ඩායමට ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද ඇතුළත්.

රෝහිට් ෂර්මා, ඩේවිඩ් වෝනර් ආරම්භක පිතිකරුවන් ලෙස එම කණ්ඩායමට නම් කර ඇති අතර, විරාට් කෝලි, ඒ.බී. ඩි විලියස්, ශකිබ් අල් හසාන් ද කණ්ඩායමට නම් කර තිබෙනවා.

මහේන්ද්‍ර සිං දෝනි කණ්ඩායමේ නායකයා සහ කඩුලු රකින්නා ලෙසයි කටයුතු කරන්නේ.

සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්, මිචෙල් ස්ටක්, ට්‍රෙන්ට් බෝල්ට් වේග පන්දු යවන්නන් ලෙස ලසිත් මාලිංග සමගින් කණ්ඩායමට ඇතුළත්.

දග පන්දු යවන්නෙකු ලෙස ඊට නම් කර ඇත්තේ ඉම්රාන් තහීර්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...