දේශපාලන විරෝධතා හමුවේ ශ්‍රී ලංකා A පිලේ පාකිස්තාන සංචාරය අතරමග අත්හිටුවයි

Date:

ශ්‍රී ලංකා A කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය යටතේ පාකිස්තාන ශහීන්ස් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව තිබූ අවසන් එක්දින තරග දෙක දින නියමයක් නොමැතිව කල් දැමීමට දෙරටේ ක්‍රිකට් ආයතන තීරණය කර තිබෙනවා.

ඒ, හිටපු පාකිස්තාන ක්‍රිකට් නායක හා හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් PTI පක්ෂයේ ආධාරකරුවන් ඉස්ලාමාබාද්හීදී මේ දිනවල සිදු කරන දැවැන්ත දේශපාලන විරෝධතා හේතුවෙන්.

කණ්ඩායම් දෙක අතර පැවැති පළමු එක්දින තරගය ඊයේ(25) ඉස්ලාමාබාද්හීදී පැවැති අතර, එම තරගයෙන් පාකිස්තාන A (ශහීන්ස්) කණ්ඩායමට ලකුණු 108 ක ජයක් හිමි වුණා. තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන ක්‍රීඩකයින් කඩුලු 7ක් දැවී ලකුණු 306 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා A කණ්ඩායමට පන්දුවාර 39.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 198 ක් පමණයි.

කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන දෙවැනි හා තෙවැනි එක්දින තරග හෙට(27) හා එළඹෙන 29 වැනිදා රාවල්පින්ඩිහීදී පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

අවසන් තරග දෙක පැවැත්වීම සදහා වෙනත් සුදුසු දිනයන් යොදා ගැනීමට ඉදිරියේදී දෙරටේ ක්‍රිකට් ආයතන කටයුතු කරනු ඇති.

එක්දින තරගාවලියට පෙර කණ්ඩායම් දෙක අතර සිව්දින තරග දෙකක් ද පැවැති අතර, එම තරගාවලිය තරග 1-0 ක් ලෙස ජය ගත්තේ පාකිස්තාන A කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...