දෙවැනි T20I තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වෙනස්කම් ?

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (6) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගය බංග්ලාදේශයේ සිල්හෙට් හී දී පැවැත්වීමට නියමිත අතර, සුපුරුදු පරිදි තරගය මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු තුනක තියුණු ජයක් වාර්තා කළා. ඒ අනුව විස්සයි 20 තරගාවලිය මේ වන විට තරග 1-0 ක් ලෙස පෙරමුණේ පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

අද තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බොහෝ විට පන්දු යවන අංශයෙන් වෙනස්කම් එකක් හෝ දෙකක් අපේක්ෂා කළ හැකියි. ඒ, පළමු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ විලාශය දෙස අවධානය යොමු කිරීමේ දී පන්දු යැවීමේ අංශයෙන් දැඩි පසුබෑමක් පෙන්නුම් කිරීම හේතුවෙන්.

ඒ අනුව පළමු තරගයේ දී දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වූ මතීෂ පතිරණට අද තරගයේ දී ඇතැම් විට කණ්ඩායමේ ස්ථානය අහිමි වීමට ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම ඔහු පළමු තරගයේ දී පාදයක සුළු ආබාධයකට ද ලක් වුණා. ඒ අනුව මෙම සියලු කරුණු සලකා බලා ඔහුට අද තරගයේ දී විවේකයක් ලබා දීම සම්බන්ධයෙන් කණ්ඩායම් කලමනාකාරීත්වයේ අවධානය යොමු වනු ඇති.

පළමු තරගයේදී වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ද එතරම් දක්ෂතා දැක්වීමට සමත් වූයේ නැහැ. ඒ අනුව කණ්ඩායමේ ඔහුගේ ස්ථානය ද මේ වන විට අවිනිශ්චිත මට්ටමක පවතිනවා‍.

ඒ අනුව අද තරගය සදහා ඩිල්ෂාන් මදුෂංක හා නුවන් තුෂාර කැදවීම සම්බන්ධයෙන් කණ්ඩායම් කලමනාකාරීත්වයේ අවධානය යොමු වනු ඇති.

පළමු තරගය පැවැති සිල්හෙට් ක්‍රීඩාංගනයට රාත්‍රී කාලයේ දී දැඩි පින්නක් ඇද වැටුණා. එය ද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වීමට ප්‍රබල ලෙස බලපෑ බව නොරහසක්.

අද තරගය ද සිල්හෙට් හී දී ම පැවැත්වෙන බැවින්, මෙම තරගයේ දී ද දෙවැනියට පන්දු යවන කණ්ඩායමට බොහෝ විට පින්නෙන් දැඩි බලපෑමක් එල්ල වීමට ඉඩ පවතිනවා.

ඒ අනුව අද තරගයේ දී කාසියේ වාසිය ප්‍රබල බලපෑමක් තරගයට සිදු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. කාසියේ වාසිය දිනා ගන්නා කණ්ඩායම අනිවාර්යයෙන් පළමුව පන්දු යැවීම තෝරා ගනු ඇති.

ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නිත්‍ය නායක වනිදු හසරංගට අද තරගය සදහා ද ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ. ඒ , ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් පනවා ඇති තරග තහනම හේතුවෙන්.

කෙසේ වෙතත්, වනිදුට දෙරට අතර එළඹෙන 9 වැනිදා පැවැත්වෙන අවසන් විස්සයි 20 තරගය සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාව පවතිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...