දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම නම් කෙරේ

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම නම් කර තිබෙනවා.

පළමු ටෙස්ට් තරගයේ දී පාදයක ආබාධයකට ලක් වූ මාර්ක් වුඩ්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති බැවින් ඔහු වෙනුවට කණ්ඩායමට ආදේශ කර ඇත්තේ ඔලී ස්ටෝන්.

2019 වසරේ දී ටෙස්ට් වරම් දිනූ 30 හැවිරිදි ස්ටෝන් මේ දක්වා එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 3 ක් පමණයි. එහිදී ඔහු කඩුලු 10 ක් දවා ගැනීමට සමත් වුණා.

ඔලී ස්ටෝන් කණ්ඩායමට ආදේශ කිරීම හැරුණු විට වෙනත් කිසිදු වෙනසක් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ටෙස්ට් තරගය සදහා සිදු කර නැහැ.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තය කඩුලු පහක ජයක් වාර්තා කළ අතර, දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 29 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

England XI for second Test vs Sri Lanka:

Ben Duckett, Dan Lawrence, Ollie Pope (c), Joe Root, Harry Brook, Jamie Smith (wk), Chris Woakes, Gus Atkinson, Matthew Potts, Olly Stone, Shoaib Bashir

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...