දෙවැනි එක්දින තරගය වර්ෂාව හමුවේ ප්‍රතිපලයකින් තොරව අවසන් වෙයි

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අද(27) නිමා වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 229 ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට හිමි වූ නමුත්, ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 2.4 ක් තුළ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 10 ක් ලෙස සටහන්ව තිබියදී තරගය වර්ෂාව හේතුවෙන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තා. අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම ද මිනිත්තු 25 කින් පමණ ප්‍රමාද වූයේ වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන්.

ඒ අනුව දෙරට අතර පැවැති පළමු එක්දින තරගය ජය ගත් ඇෆ්ඝනිස්තානය මේ වන විට තරග 1-0 ක් ලෙස තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් පන්දුවාර 48.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 228 ක්.

ඒ, ඔවුන්ගේ දෙවැනි කඩුල්ල ලකුණු 135 දී බිද වැටුණු පසුබිමකයි. ඒ අනුව ඔවුන්ගේ අවසන් කඩුලු 9 දැවී ගියේ ලකුණු 93 ක් තුළදීයි.

රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 68(73) ක් රැස් කළ අතර, රහ්මට් ශාහ් ලකුණු 58(78) කට දැවී ගියා. මොහමඩ් නබී ලකුණු 41 යි.

පන්දු යැවීමේ දී කසුන් රාජිත ලකුණු 31 කට කඩුලු 3 ක් දවා ගත්තා. මහීෂ් තීක්ෂණ හා ලහිරු කුමාර කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...