දෙවරක් T20 ලෝක ශූරයින් වූ කොදෙව්වන් ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ඉවතට විසි වෙයි

Date:

2012 හා 2016 වසරවලදී 20යි 20 ලෝක ශූරතාවය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයට හෝ සුදුසුකම් නොලබා පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට අද(21) සිදු වුණා.

ඒ, තරගාවලියේ 11 වැනි තරගයෙන් අයර්ලන්තය හමුවේ කඩුලු 9 කින් පරාජයට පත් වීම හේතුවෙන්. මෙම ජයත් සමග අයර්ලන්තය මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටය සදහා සුදුසුකම් ලබා ගත්තා.

හෝබාර්ට් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී රැස් කළේ ලකුණු 146 ක් පමණයි.

ජොන්සන් චාර්ල්ස් ලකුණු 24 කට දැවී ගිය අතර, ඔඩියන් ස්මිත් නොදැවී ලකුණු 19 (12)යි. බ්‍රෙන්ඩන් කිං පන්දු 48 කින් නොදැවී ලකුණු 62 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී Gareth Delany ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තය පන්දුවාර 17.3 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඉනිමේ ආරම්භක කඩුල්ල සදහා පන්දුවාර 7.3 කින් ලකුණු 73 ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නැගීමට පෝල් ස්ටර්ලින්ග් හා නායක ඇන්ඩි බල්බර්නි සමත් වුණා. බල්බර්නි පන්දු 23 කින් ලකුණු 37 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර හා හතරේ පහර 3 බැගින් එල්ල කරමින්.

ලෝකන් ටකර් ලකුණු 17 ක් ලබා සිටියදී උඩ පන්දුවක් ලබා දී දැවී ගිය නමුත්, පසුව ඔඩියන් ස්මිත් යොමු කළ අදාළ පන්දුව නිපන්දුවක් ලෙස තෙවන විනිසුරු විසින් තීරණය කිරීමත් සමග ලෝකන් ටකර් තවදුරටත් පිටියේ රැදී සිටීමට වාසනාවන්ත වුණා. ටකර් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 47 (35) ක්. හයේ පහර 2ක් හා හතරේ පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගිය ස්ටර්ලින්ග් පන්දු 48 කින් නොදැවී ලකුණු 66 ක්  රැස් කළා. හයේ පහර 2ක් හා හතරේ පහර 6 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...