දුනිත් අනිවාර්යයෙන්ම 2023 ලෝක කුසලානයේ ඉදියි : දසුන්ගෙන් සහතිකයක්

Date:

ශ්‍රී ලංකා නවක දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී අනිවාර්යෙන්ම දැක ගත හැකි වනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ඔස්ට්‍රේලියාව සමග පැවති තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරඟ 3-2 ක් ලෙස ජය ගැනීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළා.

2022 වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූ දුනිත් වෙල්ලාලගේ සිය මංගල ජාත්‍යන්තර තරගාවලියට ක්‍රීඩා කළේ ඔස්ට්‍රේලියාවට එරෙහිව අද නිමා වූ එක්දින තරගාවලියේ දී යි.

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වුණේ ද දුනිත් වෙල්ලාලගේ. ඔහු තරග පහකදී කඩුලු 9ක් දවා ගැනීමට සමත් වුණා.

“මම හිතන්නේ අනිවාර්යයෙන්ම දැක ගන්න හැකි වෙයි. මොකද අපි කණ්ඩායමක් විදිහට මේ ඉන්න කණ්ඩායම තමයි ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තුව තියෙන්නේ.” දුනිත් වෙල්ලාලගේ 2023 ලෝක කුසලානයට ක්‍රීඩා කරනු ඇත්දැයි මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් දසුන් ශානක ඒ බව සදහන් කළා.

“දුනිත් වෙල්ලාලගේ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ. ඒ වගේම අනිත් ක්‍රීඩකයින් ගැනත්. මොකද ඔවුන් දක්ෂයි. ඒ කියන්නේ ඒ ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. හැම ක්‍රීඩකයගෙම ඇටිටියුඩ් එක ආයෙ කතා කරන්න දෙයක් නෑ, ෆීල්ඩ් එකට බැස්සම මට සියයට සියයක්ම දෙනවා.”  (දර්ශන පහතින්)

මේ අතර, අද පැවැති අවසන් එක්දින තරගය සදහා ධනංජය ද සිල්වා ක්‍රීඩා නොකළේ අසනීප තත්ත්වයකින් පසුවීම නිසා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ඔහු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මේ අතර, මෙම තරගයේ දී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී ආබාධයකට ලක් වූ ධනුෂ්ක ගුණතිලක යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

වෛද්‍ය කණ්ඩායම් විසින් ඔහුගේ තත්ත්වය වැඩිදුරටත් තක්සේරු කරමින් සිටින බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...