දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අතර දිල්ලි හී දී ඊයේ(29) රාත්‍රියේ පැවැති අයි.පී.එල් තරගය අතරතුර දී ප්‍රේක්ෂකයින් දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන තිබෙනවා.
ගැටුමෙන් තුවාල ලැබූවන් පිළිබද තොරතුරු වාර්තා නොවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ගැටුමට හේතුව ද මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගැටුම සිදු වන අයුරු ඇතුළත් වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනු දක්නට ලැබෙනවා. (දර්ශන පහතින්)
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 197 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබා ගත්තේ ලකුණු 188 ක් පමණයි.
ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 9ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමත් වුණා.
A fight took place between fans in Delhi during their match against SRH. pic.twitter.com/MYPj6dqejb
— Mufaddal Vohra (@mufaddal_vohra) April 30, 2023

