මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ 7 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද(4) සමත් වුණා.
දිල්ලි හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 163 ක ඉලක්කයක් හඹා ගිය ටයිටන්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 11 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් දැවී ජයග්රාහී ඉලක්කය පසු කළා.
සායි සුදර්සන් පන්දු 48 කින් නොදැවී ලකුණු 62ක් වාර්තා කළ අතර, ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 31 යි (පන්දු 16කින්). පන්දු යැවීමේ දී අන්රික් නොකියා කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 39 ක් ලබා දෙමින්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි පිල ලකුණු 162 ක් ලබා ගත්තේ කඩුලු 8 ක් දැවී සිටියදී යි.
නායක ඩේවිඩ් වෝනර් ලකුණු 37 ක්, අක්සාර් පටෙල් ලකුණු 36 ක් හා සර්ෆරාස් ඛාන් ලකුණු 30 ක් රැස් කළා.
පන්දු යැවීමේ දී මොහමඩ් ෂාමි හා රෂීඩ් ඛාන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

