දිමුත්, ප්‍රවීන් සහ තිරිමාන්න ශ්‍රේණිගත කිරීම්හි කැපී පෙනන අයුරින් ඉදිරියට

Date:

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න නවතම අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා.

ඒ, බංග්ලාදේශයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දී ද දැක් වූ දක්ෂතා හේතුවෙන්.

ඒ අනුව මෙතෙක් 15 වන ස්ථානයේ රැදී සිටි ඔහු මේ වන විට 11 වන ස්ථානය දක්වා ස්ථාන 4කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඔහු නිමා වූ දෙවැනි තරගයේ පළමු ඉනිමේ දී ශතකයක් සහ දෙවැනි ඉනිමේ දී අර්ධ ශතකයක් වාර්තා කළා.

ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර ඔහු පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි රැදී සිටියේ 22 වන ස්ථානයේයි.

මේ අතර, මෙතෙක් 21 වන ස්ථානයේ රැදී සිටි ඇන්ජෙලෝ මැතිව්ස් 24 වන ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

එමෙන්ම 35 වන ස්ථානයේ මෙතෙක් රැදී සිටි නිරෝෂන් දික්වැල්ලට නවතම ශ්‍රේණිගත කිරීම්හි හිමිව ඇත්තේ 31 වන ස්ථානයයි.

28 වන ස්ථානයේ සිටි ධනංජය ද සිල්වා 32 වන ස්ථානය දක්වා පහතට වැටී ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

කෙසේ වෙතත්, අඛණ්ඩව දක්ෂතා අතර සිටි ළහිරු තිරිමාන්න 73 වන ස්ථානයේ සිට 60 වන ස්ථානය දක්වා ඉදිරියට පැමීණීමට සමත්ව තිබෙනවා.

ඔහු නිමා වූ ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ශතකයක් ද වාර්තා කළා.

මේ අතර,  නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයේ දී කඩුලු 11ක් දවා ගනිමින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය ආරම්භ කළ ප්‍රවීන් ජයවික්‍රම අයි.සී.සී පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 48 වන ස්ථානය දිනා ගැනීමට ද සමත්ව තිබීම විශේෂත්වයක්.

රමේෂ් මෙන්ඩිස් පළමු පන්දු යවන්නන් සිය දෙනා අතරට ශ්‍රේණිගත කිරීම්හි පැමිණ ඇත්තේ 88 වන ස්ථානය හිමි කර ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...