දින 514කට පසු ශ්‍රී ලංකාව ලැබූ ජය

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදා දෙවැනි 20යි 20 තරගයෙන් ලකුණූ 43ක ජයක් වාර්තා කළ බව අප මීට පෙර ඔබට තොරතුරු වාර්තා කළා.

ALSO READ : දග පන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් – Match Report

මෙම ජයග්‍රහනයේ විශේෂත්වය වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම දින 514කට පසුව ලැබූ පළමු 20යි 20 තරග ජයග්‍රහනය මෙය වන බැවින්.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම 2019 වසරේ පාකිස්තාන තරග සංචාරයේ දී දසුන් ශානකගේ නායකත්වය යටතේ පාකිස්තානය තරග 3-0ක් ලෙස පරාජයට පත් කිරීමට සමත් වුණා.

පාකිස්තානයට එරෙහි තෙවැනි 20යි 20 තරගය 2019 ඔක්තෝබර් 9 වනදා පැවැති අතර, ඉන් අනතුරුව ශ්‍රී ලංකාව අද වන තුරු කිසිදු 20යි 20 තරගයක් ජය ගෙන තිබුණේ නැහැ.

පාකිස්තාන තරග සංචාරයේ සිට ශ්‍රී ලංකාව අද තරගයට පෙර 20යි 20 තරග 9ක් ක්‍රීඩා කර තිබුණා.

ඉන් තරග 8ක්ම පරාජයට පත් වූ අතර, එක් තරගයක් ජය පරාජයකින් තොරව අතහැර දැමීමටයි සිදු වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...