දිනේෂ් කාර්තික් IPL ගැන තීරණයක් ගනියි

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු දිනේෂ් කාර්තික් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2024 තරගාවලිය ඔහු ක්‍රීඩා කරන අවසන් තරගාවලිය බවට පත් පත් වනු ඇති.

එළඹෙන ජූනි මාසයේ දී 39 වන වියට පා තබන කාර්තික් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය සම්බන්ධයෙන් ද ළගදීම තීරණයක් ගැනීමට නියමිතව ඇති බව සදහන්.

දිනේෂ් කාර්තික් 2008 වසරේ දී Delhi Daredevils කණ්ඩායම නියෝජනය කරමිනුයි අයි.පී.එල් තරග බිමට පිවිසියේ.

ඔහු 2008 වසරේ දී අයි.පී.එල් තරගාවලිය ආරම්භ කිරීමෙන් පසුව මේ දක්වා පැවැති සෑම අයි.පී.එල් තරගාවලියක් සදහාම ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයින් 7 දෙනාගෙන් එක් අයෙකු ද වනවා.

එලෙස සෑම අදියරක් සදහාම ක්‍රීඩා කර ඇති අනෙක් ක්‍රීඩකයින් වන්නේ මහේන්ද්‍ර සිං දෝනි, විරාත් කෝලි, රෝහිත් ෂර්මා, ශිකර් ධවාන්, ව්රිධිමන් සහා හා මනීෂ් පාන්ඩේ.

මෙතෙක් පැවැති තරගාවලි 16 තුළ දී ම කාර්තික්ට ක්‍රීඩා කිරීමට නොහැකි වී ඇත්තේ තරග දෙකක් පමණක් වීම ද කැපී පෙනෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...