දික්වැල්ලගේ ඉනිම දඹුල්ල ඕරා පරදා කලම්බු ස්ටාර්ස් පිලට ජය ගෙනෙයි

Date:

නිරෝෂන් දික්වැල්ලගේ විශිෂ්ඨ ඉනිම හමුවේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් දඹුල්ල ඕරා කණ්ඩායම පරදා ලකුණු 9 ක ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අද(8) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 165 ක් ලබා ගත්තා.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 4කටත්, නවෝද් පරණවිතාන ලකුණු නොලබාත්, චරිත් අසලංක ලකුණු 6 කටත් දැවී ගියා. කෙසේ වෙතත්, කොළඹ කණ්ඩායම ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට දායකත්වය දැක් වූ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 41 කින් ලකුණු 62 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 8 ක් ඇතුළත්.

රවී බොපාරා ලකුණු 26 කට දැවී ගිය අතර, දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 29 ක් ලබා ගත්තා. ඩොමිනික් ඩ්‍රෙක්ස් ලකුණු 18 යි.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර ලකුණු 36 කට කඩුලු 4 ක් දවා ගත්තා. සිකන්ඩ රාසා, තරිදු රත්නායක, ලහිරු මදුෂංක කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල ඕරා කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 156 ක් පමණයි.

ෂෙවෝන් ඩැනියල් ලකුණු 28 කටත්, ජෝර්ඩන් කොක්ස් ලකුණු 29 කටත්, භානුක රාජපක්ෂ ලකුණු 17 කටත් දැවී ගියා. ටොම් ඇබෙල් ලකුණු 33ක් රැස් කළේ පන්දු 22 කින්. සිකන්ඩ රාසා ලකුණු නොලබා දැවී ගිය අතර, ලහිරු මදුෂංක හා චතුරංග ද සිල්වා ලකුණු 4 බැගින් ලබා සිටියදී දැවී ගියා.

දසුන් ශානක පන්දු 20 කින් නොදැවී ලකුණු 31 ක් ලබා ගත් නමුත්, තරගයේ ජයග්‍රහනය සදහා දඹුල්ල කණ්ඩායමට එය ප්‍රමාණවත් වූයේ නැහැ. තරිදු රත්නායක නොදැවී ලකුණු 8යි.

පන්දු යැවීමේ දී සුරංග ලක්මාල්, ඩොමිනික් ඩ්‍රෙක්ස් හා කරීම් ජනට් කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...