දැවැන්ත පරාජයකට ලක් වූ පාකිස්තානයට අයි.සී.සීයෙනුත් දඩුවම්

Date:

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් පාකිස්තානයට හිමිව තිබූ ප්‍රසාද ලකුණු දෙකක් කපා හැර තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔවුන් නියමිත කාලය තුළ පන්දුවාර යවා නිමා නොකිරීම හේතුවෙන්.

නියමිත කාලය තුළ යැවිය යුතු පන්දුවාර සංඛ්‍යාවට වඩා පන්දුවාර දෙකක් පාකිස්තානය පිටුපසින් සිට ඇති බවටයි තරගයෙන් අනතුරුව තරග තීරකවරයා විසින් තීරණය කර ඇත්තේ.

පර්ත් හී දී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පාකිස්තානය ලකුණු 360 කින් පරාජයට පත් වුණා. එම පරාජයත් සමග එතෙක් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වූ පාකිස්තානය දෙවැනි ස්ථානය දක්වා ඇද වැටුණු අතර, ප්‍රසාද ලකුණු දෙකක් කපා හැරීමත් සමග ඔවුන්ගේ ලකුණු ප්‍රතිශතය ද 66.67 සිට 61.11 දක්වා පහත වැටී තිබෙනවා.

එම දඩුවමට අමතරව පාකිස්තාන ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 10%ක දඩ මුදලක් ද පැනවීමට තරග තීරක ජවගල් ශ්‍රීනාත් කටයුතු කර ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

පාකිස්තාන නායක ශාන් මසූඩ් සිය කණ්ඩායමේ වරද හා ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 26 වැනිදා මෙල්බර්න් හී දී ආරම්භ වීමට නියමිතයි.

බොක්සිං දින ටෙස්ට් තරගය එලෙස ආරම්භ වීමට පෙර පාකිස්තාන කණ්ඩායම Victoria XI කණ්ඩායමට එරෙහිව දෙදින පුහුණු තරගයක් ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...