දවාන්ගේ වාර්තාව අපතේ යයි – පංජාබයට කඩුලු 5ක ජයක් – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 38 වන තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ දී අඛණ්ඩව ලැබූ තෙවැනි ජය ද වාර්තා කිරීමට කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සමත් වුණා.

ඩුබායි ක්‍රීඩාංගනයේ දී අද (20) පැවැති එම තරගයෙන් පරාජයට පත් වූයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි පිල කඩුලු 5ක් දැවී ලකුණු 164ක් ලබා ගත්තේ ශිකර් දවාන් අඛණ්ඩව රැස් කළ දෙවැනි ශතකයෙන් සවිමත් වෙමින්.

පන්දු 61කින් ඔහු නොදැවී ලකුණු 106ක් ලබා ගත් අතර, එම ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 12ක් ඇතුළත්.

අයි පී එල් ඉතිහාසයේ පිතිකරුවෙකු අඛණ්ඩව තරග දෙකකදී ශතක දෙකක් වාර්තා කළ පළමු අවස්ථාව ලෙසයි මෙය ඉතිහාසයට එක් වුණේ. ‍

සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 15 සීමාවට ළගා වීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී මොහොමඩ් ෂාමි ලකුණු 28කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායම කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කලේ පන්දුවාර 19ක් අවසානයේ දී යි.

නිකලස් පූරාන් පන්දු 28කින් ලකුණු 53ක් රැස් කළේ හයේ පහර 3ක් සහ හතරේ පහර 6කින් සිය ඉනිම වර්ණවත් කරමින්.

මෙවර තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දැක්වීමට අපොහොසත් වූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 24 කින් ලකුණු 32ක් සහ ක්‍රිස් ගේල් පන්දු 13කින් ලකුණූ 29ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා කඩුලු 2ක් බිද හෙලුවේ ලකුණු 27ක් ලබා දෙමින්.

තරගයේ වීරයා ශිකර් දවාන්.

මෙම ජයග්‍රහනයත් සමගින් කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම ප්‍රසාද ලකුණු 8ක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වුණා.

ඔවුන් තරග 10කදී ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 4ක්.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරග 10න් තරග 7ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 14ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රැක ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...