දරුණු පරාජයන් පසු ශන්තෝ නොසිතූ තීරණයක් ගනියි

Date:

බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක නජ්මුල් හොසේන් ශන්තෝ නායකත්ව ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙස පරාජයට පත් වූ පසුබිමකයි ඔහු එම තීරණය ප්‍රකාශයට පත් කළේ.

දෙරට අතර කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් බංග්ලාදේශය ඉනිමක හා ලකුණු 78 ක අමිහිරි පරාජයක් ලැබූ අතර, තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ශන්තෝ සිය තීරණය නිවේදනය කළා.

තමා මේ සම්බන්ධයෙන් දින කිහිපයකට පෙර බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් මෙහෙයුම් අංශයට දැනුම් දුන් බවයි ඔහු කියා සිටියේ.

මීට පෙර ශන්තෝ වෙනුවට බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස මෙහිදි හසාන් මිරාස් පත් කිරීමට ද මෙම මාසය මුළදී එරට ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...