දඹුලු ක්‍රීඩකයින් කලු පටි පැළදීමේ තීරණයක

Date:

හෙට(14) පැවැත්වෙන එල්.පී.එල් දෙවැනි අවසන් පූර්ව තරගයේ දී කලු පටි පැළද සිය කණ්ඩායමේ ක්‍රීඩකයින් ක්‍රීඩා කරන බව දඹුල්ල වයිකින්ග් කණ්ඩායම පවසනවා.

ඒ, ඔවුන්ගේ පන්දු යැවීමේ පුහුණුකරු චමිල ගමගේගේ පියාගේ අභාවය හේතුවෙන්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග දෙකකට සහ එක්දින තරග 7කට ක්‍රීඩා කර ඇති ගමගේ, පසුගිය කාලයේ වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස සංචිත කිහිපයකම කටයුතු කළා.

ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය හෙට රාත්‍රී 7ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...