දකුණු අප්‍රිකා සංචාරයට වෙනස්කම් කිහිපයක් – නවක වේග පන්දු යවන්නෙකුටත් අවස්ථාව

Date:

කල් දැමීමට සිදු වූ බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා නම් කෙරුණු ශ්‍රී ලංකා මූලික සංචිතයේ සිටි ක්‍රීඩකයින් කිහිප දෙනෙකු එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

NewsWire වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ දුවිදු තිලකරත්න, ළහිරු උදාර, ලක්ෂාන් සදකැන් සහ කමිදු මෙන්ඩිස් මෙලෙස සංචිතයෙන් ඉවත් කර ඇති බවයි.

ඔවුන් වෙනුවට දසුන් ශානක, දුෂ්මන්ත චමීර සහ 20 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක සංචිතයට නම් කර ඇති බව සදහන්.

ඩිල්ෂාන් මදුෂංක නිමා වූ යොවුන් එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී තරග 6ක් තුළ කඩුලු 13ක් බිද හෙලීමට සමත් වී තිබූ අතර, තරගාවලියේ වැඩිම කඩුලු ලාභින් අතර ඔහු 5 වැනි ස්ථානය ද හිමි කර ගත්තා.

එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (13) සිට පුහුණු කදවුරකට ද සහභාගී වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළා.

ක්‍රීඩකයින් 22 දෙනෙකු එක්වන මෙම පුහුණු කදවුර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී දින 10ක් පැවැත්වීමට නියමිතයි.

ජෛව ආරක්ෂිත පරිසරයක් තුළ මෙම පුහුණු කදවුර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

පුහුණු කදවුර අවසන් වීමෙන් පසුව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන ක්‍රීඩකයින් හම්බන්තොට දක්වා ද, සෙසු ක්‍රීඩකයින් කොළඹ බලා ද ලබන 22 වනදා පිටත්ව යනු ඇති.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම දෙසැම්බර් 17 වනදා, එනම් එල්.පී.එල් තරගාවලිය අවසන් වීමෙන් දිනකට පසුව දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන්නේ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් වන ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීම සදහායි.

නම් කර ඇති බවට වාර්තා වන සංචිතය :

දිමුත් කරුණාරත්න, ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත්, නිරෝෂන් දික්වැල්ල, මිනෝද් භානුක, ළහිරු තිරිමාන්න, සන්තුෂ් ගුණතිලක, දුෂ්මන්ත චමීර, වනිදු හසරංග, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, දසුන් ශානක, ඩිල්ෂාන් මදුෂංක

තරග කාලසටහන මෙතනින්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...