දකුණු අප්‍රිකාව 233/4

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(31) ඩර්බන් හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකාව දිනය නිමා වන විට කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 233ක්.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් අද දිනය සදහා ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 76.5ක් පමණයි.

නායක ඩීන් එල්ගර් ලකුණු 67ක් හා Sarel Erwee ලකුණු 41ක් රැස් කළා.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 113ක්.

කීගන් පීටර්සන් ලකුණු 19කට දුවද්දී දැවී ගියා. Ryan Rickelton ලකුණු 21යි.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ටෙම්බා බවුමා ලකුණු 53ක් හා Kyle Verreynne ලකුණු 27ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී එබඩොට් හොසේන්, කලෙඩ් අහ්මඩ් හා මෙහිදි හසාන් මිරාස් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...