දකුණු අප්‍රිකාව ඉනිමක පරාජයෙන් ගැළවීමේ සටනක ; ග්‍රීන් සිඩ්නි ටෙස්ට් තරගයෙන් ඉවතට

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර මෙල්බර්න් හී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(28) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ඉනිමක පරාජයෙන් ගැළවීමේ දැඩි සටනක නිරත වෙමින් සිටි දකුණු අප්‍රිකාව කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 15 ක්.  ඒ අනුව දකුණු අප්‍රිකාව ඉනිමක පරාජයෙන් ගැළවීම සදහා තවත් ලකුණු 371 ක් ලබා ගත යුතුයි.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 3 ක් දැවී ලකුණු 386 ක් ලබා සිටි අතර, ඔවුන් සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 575 ක් ලබා සිටියදීයි.

තම සියවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන ඩේවිඩ් වෝනර් ලකුණු 200 ක් ලබා සිටියදී ආබාධයක් හේතුවෙන් ඊයේ පිටියෙන් ඉවත් වූ අතර, ඔහු අද දිනයේ දී යළි පිතිකරණයේ නිරත වීමට පිටියට පිවිසියා. කෙසේ වෙතත්, ඔහු අද මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ අන්රික් නොකියාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. (දර්ශන පහතින් නරඹන්න)

ඔස්ට්‍රේලියානු පළමු ඉනිම ශක්තිමත් කළ ඇලෙක්ස් කෙරී ලකුණු 111 ක් ද, ස්ටීවන් ස්මිත් ලකුණු 85 ක් ද, ට්‍රැවිස් හෙඩ් හා කැමරන් ග්‍රීන් (නොදැවී) ලකුණු 51 බැගින් ද ලබා ගත්තා.

පිතිකරණයේ නිරතව සිටියදී පන්දුවක් අතක වැදීම හේතුවෙන් කැමරන් ග්‍රීන්ගේ ඇගිල්ලක් ආබාධයකට ලක් වූ අතර, ඔහු එම ආබාධය සහිතවයි මෙම ඉනිම ක්‍රීඩා කළේ. ආබාධය හේතුවෙන් ග්‍රීන්ට සිඩ්නි හී දී ආරම්භ වීමට නියමිත තෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වී තිබෙනවා.

මේ වන විට පැවැත්වෙන ටෙස්ට් තරගයේ දී ඔහුට පිතිකරණයේ නිරත වීමට අවස්ථාව පැවතුණ ද පන්දු යැවීම සදහා ඔහුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔහු පළමු ඉනිමේ දී ලකුණු 27 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුණා.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු යැවීමේ කඩුලු 3 ක් දවා ගැනීමට අන්රික් නොකියා සමත් වූ අතර, කාගිසෝ රබාඩා කඩුලු 2 ක් දවා ගත්තා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 189 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...