තෙවැනි එක්දින තරගය නොමිලේ නරඹන්න අවස්ථාවක්

Date:

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින ක්‍රිකට් තරගය නොමිලේ නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාවක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව C Upper, C Lower, D Upper, D Lower යන ප්‍රේක්ෂකාගාරවල සිට තරගය නොමිලේ නැරඹිය හැකි බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එම ප්‍රේක්ෂකාගාර වෙත ප්‍රේක්ෂකයින්ට හෙට (11) පස්වරු 1 සිට ඇතුළු වීමට අවස්ථාව ලබා දී ඇති බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තෙවැනි හා අවසන් එක්දින තරගය හෙට පස්වරු 2.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අවසන් වූ අතර, දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු දෙකක තියුණු ජයක් හිමි කර ගත්තා.

මේ අතර, දෙරට අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් 20යි 20 තරගාවලිය සදහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට ද මේ වන විට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලැබී ඇති අතර, www.srilankacricket.lk වෙබ් අඩවිය ඔස්සේ එම ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

ඊට අමතරව කොළඹ විද්‍යා මාවතේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කවුළුවෙන් හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙන් ද ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි වනවා. පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා එම ප්‍රවේශ පත්‍ර කවුළු විවෘතව තැබීමට නියමිතයි.

20යි 20 තරගාවලිය ජනවාරි 14, 16 හා 18 යන දිනවලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...