තෙවැනි එක්දින තරගයට ලංකාවෙන් ප්‍රබල වෙනසක් – එංගලන්ත නායකයාටත් චරිත් සැර වෙයි

Date:

එංගලන්තය සමග හෙට පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදු වනු ඇති බව නායක චරිත් අසලංක පවසනවා.

තරගයට පෙර අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

පළමු තරග දෙක ක්‍රීඩා නොකළ වනිදු හසරංග හෙට තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිත බව ඔහු තහවුරු කර සිටියා.

ඒ අනුව තෙවැනි තරගයේදී ජෙෆ්රි වැන්ඩර්සේ ද සමගින් පා දග පන්දු යවන්නන් දෙදෙනෙකු ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවයි අසලංක සදහන් කළේ.

වනිදුගේ පැමිණීම හේතුවෙන් ඇතැම් විට හෙට තරගයේදී පළමු තරග දෙකට ක්‍රීඩා කළ වේග පන්දු යවන්නන් දෙදෙනාගෙන් එක් අයෙකුට කණ්ඩායමේ ස්ථානය අහිමි වීමේ අවධානමක් තිබෙනවා.

මේ අතර, පවන් රත්නායකට පිතිකරණ ලැයිස්තුවේ ඉහළ ස්ථානයක පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දිය හැකිනම් එය සුදුසු බව මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායකයා යළිත් සදහන් කර සිටියා.

නමුත්, පුහුණුකරු, තේරීම් කමිටුව ඇතුළු පාර්ශව රැසක් සමග සාකච්ඡා කර වැඩි දෙනාගේ මතය අනුව පිතිකරණ ස්ථාන තේරීමට සිදුව ඇති බවයි චරිත් අසලංක පෙන්වා දුන්නේ.

මේ අතර, දෙවැනි එක්දින තරගයට යොදා ගත් තණතීරුව තමන් ක්‍රීඩා කළ නරකම තණතීරුව බවට එංගලන්ත නායක හැරී බෲක් කළ ප්‍රකාශයට ද මෙම මාධ්‍ය හමුවේදී චරිත් පිළිතුරු ලබා දුන්නා.

“ඒක එයාගේ අදහස. මගේ අදහස ඊට වඩා වෙනස් වෙන්න පුලුවන්. එයා කියනවානම් මේක දැකපු සවුත්තුම තණතීරුව කියලා ඒක එයාගේ පැත්තෙන් කියන එකක්. නමුත් ලකුණු 440 ක් රැස් කරපු තරගයක්. 2023 ලෝක කුසලානයේදී බැංගලෝර්වලදී ඔවුන් ලබා ගත්තේ ලකුණු 180 (156) යි. එතකොට කවුරුත් මොකුත් කිව්වේ නෑ ඒ තණතීරුවට. දැන් එහෙම කියන්න හේතුව මම දන්නේ නෑ. බලමු ඊළග තරගයෙන් පස්සේ මොනව කියයිද කියලා…”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...