තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණ ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයෙකුගෙන් ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයෙකුට

Date:

නවතම අයි.සී.සී එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට ඇෆ්ඝනිස්තානයේ අස්මතුල්ලාහ් ඔමර්සායි සමත්ව තිබෙනවා.

ඒ, මෙතෙක් පළමු ස්ථානයේ රැදී සිටි ඇෆ්ඝනිස්තානයේම මොහමඩ් නබී දෙවැනි ස්ථානයට ඇද දමමින්.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ඊයේ(5) නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඔමර්සායි ශ්‍රේණිගත ලකුණු 296 ක් ලබා ගනිමින් ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණෙමිනුයි තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණට පත්ව ඇත්තේ.

මේ අතර, එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණ තවදුරටත් මහීෂ් තීක්ෂණට හිමිව ඇති අතර, කේෂාව් මහරාජ් දෙවැනි ස්ථානය දක්වා ස්ථන දෙකකින් ද, මැට් හෙන්රි තෙවැනි ස්ථානය දක්වා ස්ථාන තුනකින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.

රෂීඩ් ඛාන් 5 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ ස්ථාන 3 කින්.

මේ අතර, ෂුබ්මන් ගිල් පෙරමුණේ පසුවන එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට හෙන්රික් ක්ලාසන් සමත්ව ඇති අතර, විරාත් කෝලි ද එහි සිව්වැනි ස්ථානය දක්වා ස්ථානයකින් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...