තුන්කොන් තරගාවලියේ ශූරතාවය නවසීලන්තයට

Date:

පාකිස්තානයේ පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට නවසීලන්තය ඊයේ (14) රාත්‍රියේ සමත් වුණා.

ඒ, කරච්චිහීදී පැවැති අවසන් මහා තරගයෙන් පාකිස්තානය පරදා කඩුලු පහක ජයක් හිමි කර ගනිමින්.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 242 ක් පමණයි.

නායක මොහමඩ් රිස්වාන් ලකුණු 46 ක් රැස් කළ අතර, සල්මාන් ආගා ලකුණු 45 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී විල් ඕරෝක් කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 43 ක් ලබා දෙමින්. මයිකල් බ්‍රේස්වෙල් හා මිචෙල් සැන්ට්නර් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 45.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

ඩැරල් මිචෙල් ලකුණු 57 ක් ද, ටොම් ලේතම් ලකුණු 56 ක් ද, ඩෙවෝන් කොන්වේ ලකුණු 48 ක් ද රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේදී නසීම් ශාහ් ලකුණු 43 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...