තීක්ෂණට අවසන් තරගය අහිමි වෙයි ; ආදේශක ක්‍රීඩකයෙකුත් නම් කෙරේ

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයේ දී පසුගිය 14 වැනිදා ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

පාකිස්තානය සමග පැවැති අදාළ තරගයේ දී පන්දු රකිමින් සිටියදීයි තීක්ෂණ දකුණු පාදයේ ආබාධයකට ලක් වුණේ.

කෙසේ වෙතත්, ආබාධය ද පසෙකලා ඔහු සිය අවසන් පන්දුවාර කිහිපය යොමු කිරීම කැපී පෙනුණා.

එම තරගයේ දී තීක්ෂණ සිය පන්දුවාර 9 තුළ දී ලකුණු 42 කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර නිවේදනය කළේ ඔහුගේ ආබාධ තත්ත්වය හදුනා ගැනීම සදහා ඔහුව ඊයේ දිනයේ දී වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කිරීමට කටයුතු කරන බවයි.

එම වෛද්‍ය වාර්තාවල ප්‍රතිපල අනුව ඔහුට අවසන් තරගය ක්‍රීඩා කළ නොහැකි බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ඔහු පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නියමිතයි.

තීක්ෂණ වෙනුවට සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

අවසන් මහා තරගය හෙට (17) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...