තිසරට පැන්ඩා කියන්න හේතුව ඕස්ට්‍රේලියා හිටපු නායක ජෝර්ජ් බේලී

Date:

ඊයේ දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් නික්ම ගිය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාව කවුරුත් ආමන්ත්‍රණය කරන නාමයක් තමයි ” පැන්ඩා ” කියන්නේ.

පැන්ඩා කියන නමින් තිසරව ප්‍රථම වරට ආමන්ත්‍රණය කරල තියෙන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ජෝර්ජ් බේයිලි විසින්.

කොටින්ම ජෝර්ජ් බෙයිලී තමයි තිසර පෙරේරාට මේ පැන්ඩා කියන අන්වර්ත නාමය දාලා තියෙන්නේ.

ඒ ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියට ඔවුන් ක්‍රීඩා කරන අවස්ථාවකයි.

මේ සම්බන්ධයෙන් රූපවාහිනී මාධ්‍ය ආයතනයක් සමග පැවති වැඩසටහනකදී නිවේදිකාව විමසූ පැනයකට තිසර පෙරේරා ලබා දී තිබුණේ මෙවන් පිළිතුරක්.

” ඒක දැම්මේ ජෝර්ජ් බේලී, ඕස්ට්‍රේලියාවේ හිටපු කැප්ටන් කෙනෙක් 2009 දි. හේතුව ඇවිල්ලා මම ඒ දවස්වලත් අයි.පී.එල් එකේදි ටිකක් සයිස් පුද්ගලයෙක්. මම ෆීල්ඩ් එකේ පැන පැන අල්ලනවා (පන්දු රකිනවා). ඉති මෙයා කියනවා මම නිකං පැන්ඩෙක් වගේ බෝලෙට පනිනවා, රෝල් වෙනවා කියලා. ඔය අතරතුරේ මුරලි අයියා තමයි මගේ ටීම්මේට්. ඒ කියන්නේ අපි චෙන්නායි සුපර් කිංග්ස් ගහද්දි. මුරලි අයියාගේ කනට ඕක වැටුණා. මුරලි අයියා ලංකාවට ගෙනාවා පැන්ඩා කියන එක. එදා ඉදං පැන්ඩා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...