තියුණු සටනකින් පසු නෙදර්ලන්තය සුපිරි 12ට පියවරකින් ළගා වෙයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් කඩුලු 5 ක තියුණු ජයක් වාර්තා කරමින් තරගාවලියේ සුපිරි 12 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමේ සිය බලාපොරොත්තු තවත් පියවරකින් ළගා කර ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම අද(18) සමත් වුණා.

පළමු වටයේ A කාණ්ඩයේ තරගයක් ලෙස ජීලෝන්ග්හි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ අවසන් පන්දුවාරයේ දී ප්‍රබල සටනකින් පසු පරාජයට පත් වූයේ නැමීබියානු කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නැමීබියාවට පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 121 ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තය ඉනිම නිමා වීමට පන්දු 3 ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තරගය ජය ගැනීමට අවසන් පන්දු 30 තුළ දී නෙදර්ලන්තයට කඩුලු 8ක් අතැතිව ලබා ගත යුතුව තිබූ ලකුණු ප්‍රමාණය 26 ක්.

කෙසේ වෙතත්, 16 වැනි පන්දුවාරය යොමු කළ JJ Smit ලකුණු 6 කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූ අතර, 17 වැනි පන්දුවාරය කඩුල්ලක් ද සහිතව නිලකුණු පන්දුවාරයක් ලෙස සටහන් කිරීමට Jan Frylinck සමත් වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු යළි නැමීබියාවට හිමි කර දෙමින්.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට ලකුණු 6ක් අවශ්‍ය වූ අතර, ඩේවිඩ් වීසා යොමු කළ එම පන්දුවාරයේ පළමු පන්දුවට Bas de Leede හතරේ පහරක් එල්ල කරමින් තරගයේ ජයග්‍රහනය යළි සිය කණ්ඩායම දෙසට නතු කර ගත්තා. Bas de Leede නොදැවී ලකුණු 30(30) යි.

සිය කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබා දුන් Vikramjit Singh පන්දු 31 කින් ලකුණු 39 ක් රැස් කළ අතර, Max O’Dowd ලකුණු 35 කට දුවද්දී දැවී ගියා.

පන්දු යැවීමේ දී JJ Smit ලකුණු 24 කට කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නැමීබියාව වෙනුවෙන් Jan Frylinck ලකුණු 43 ක් පන්දු 48 කින් රැස් කළ අතර, Michael van Lingen ලකුණු 20(19) කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Bas de Leede ලකුණු 18 කට කඩුලු 2ක් දවා ගත්තා.

නෙදර්ලන්තය මේ වන විට ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 4 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...