තිදෙනෙකුට IPL අහිමි වන තීරණාත්මක තරගාවලියට අයර්ලන්ත සංචිතය නම් කෙරේ

Date:

බංග්ලාදේශය සමග එංගලන්තයේ Chelmsford හී දී පැවැත්වීමට නියමිත අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට අයත් තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන අයර්ලන්ත සංචිතය නම් කර තිබෙනවා.

2023 ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමටනම් අයර්ලන්තය තරග 3කින් යුත් මෙම තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගත යුතු අතර, එසේ නොවුණහොත් දකුණු අප්‍රිකාව ලෝක කුසලානය සදහා සෘජුව සුදුසුකම් ලබන අතර, අයර්ලන්තයට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට සිදු වනවා.

ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් ලිට්ල් ද නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ලිට්ල් මේ වන විට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටිනවා.

මැයි 9 වැනිදා, 12 වැනිදා හා 14 වැනිදා එක්දින තරග තුන පැවැත්වීමට නියමිත අතර, ජොෂ් ලිට්ල් මැයි 5 වැනිදා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහි පැවැත්වෙන අයි.පී.එල් තරගයෙන් පසුව ඉන්දියාවෙන් පිටත්ව යාමට නියමිතයි.

ඒ අනුව බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියට ක්‍රීඩා කරන බැවින් ඔහුට අයි.පී.එල් තරග 3ක් පමණ ක්‍රීඩා කීරීමේ අවස්ථාව අහිමි වනු ඇති.

අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන බැවින් මෑතකදී නිමා වූ බංග්ලාදේශ සංචාරයට මෙන්ම මේ දිනවල ක්‍රියාත්මක ශ්‍රී ලංකා සංචාරය සදහා ද ජොෂ් ලිට්ල් නම් කෙරුණේ නැහැ.

අයර්ලන්ත – බංග්ලාදේශ තරගාවලිය හේතුවෙන් බංග්ලාදේශයේ ලිටොන් දාස්ට හා මුස්ටර්ෆිසුර් රහ්මාන්ට ද මෙවර අයි.පී.එල් තරගාවලිය දින 10 ක පමණ කාලයක් අහිමි වීමට නියමිතයි.

Ireland squad :

Andy Balbirnie (c), Mark Adair, Curtis Campher, Gareth Delany, George Dockrell, Stephen Doheny, Fionn Hand, Graham Hume, Josh Little, Andy McBrine, Paul Stirling, Harry Tector, Lorcan Tucker, Craig Young.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...