තහනම ගැන යළි සලකා බලන්නැයි මෙන්ඩිස්, දික්වැල්ල හා ධනුෂ්කගෙන් අභියාචනා

Date:

තරග තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා ක්‍රීඩා අමාත්‍යංශයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, සිය තහනම හා දඩ මුදල පිළිබද යළි සලකා බලන ලෙස සදහන් කරමින්.

එංගලන්ත තරග සංචාරය අතරතුර දී උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් කටයුතු කළ බවට චෝදනා එල්ල වූ අතර, අනතුරුව ඔවුන් තිදෙනාට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය මාසයේ දී තීරණය කළේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කෙරුණු පංච පුද්ගල කමිටුව විසින් සිදු කළ නිර්දේශ ද සලකා බැලීමෙන් අනතුරුවයි.

ඊට අමතරව අදාළ ක්‍රීඩකයින් තිදෙනාට මාස 6ක දේශීය තරග තහනමක් ද, එක් ක්‍රීඩකයෙකුට රුපියල් මිලියන 10 බැගින් වන දඩ මුදලක්ද පැනවීමටයි පියවර ගත්තේ.

තවද එම ක්‍රීඩකයින්ට වසර දෙකකට අත්හිටුවූ වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් ද පනවනු ලැබුවා.

විමර්ශන කමිටුව විසින් නිර්දේශ කළ දඩුවම් යම් ලිහිල් කිරීමකට ද ලක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහිදී කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත්, ලබා දුන් දඩුවම ද තවදුරටත් ලිහිල් කර ගනිමින් කඩිනමින් ක්‍රිකට් පිටියට පිවිසීමේ අරමුණින් අදාළ ක්‍රීඩකයින් තිදෙනා මේ වන විට අභියාචනයක් යොමු කර ඇති බවයි sunday times පුවත්පත වාර්තා කර ඇත්තේ.

ඒ අනුව මෙන්ඩිස් හා ගුණතිලක පසුගිය 9 වනදා අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, දික්වැල්ල විසින් සිය අභියාචනය ඉදිරිපත් කර ඇත්තේ පසුගිය 12 වනදායි.

මේ අතර, අදාළ ක්‍රීඩකයින් තිදෙනා අමෙරිකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සදහා එරට බලා සංක්‍රමණය වන බවට පැතිර යන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව එම ක්‍රීඩකයින් තිදෙනාගේ කළමණාකරුවන් sunday times පුවත්පත වෙත තහවුරු කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...