තවත් ශතකයක් සමග ධනංජය ද සිල්වා ඉතිහාසගත වුණේ මෙහෙමයි

Date:

ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා අද සිය 12 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසය අලුත් කිරීමට සමත් වුණා.

ඒ, බංග්ලාදේශය සමග සිල්හෙට්හී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දී යි.

ඔහු මෙම තරගයේ පළමු ඉනිමේ දී ද ශතකයක් වාර්තා කළ පසුබිමකයි දෙවැනි ඉනිමේ දී ද මෙලෙස ශතකයක් වාර්තා කළේ.

ඒ අනුව ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදී ම ශතක වාර්තා කළ 6 වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙස ධනංජය වාර්තා අතරට එක් වුණා.

මීට පෙර දුලිප් මෙන්ඩිස්, අසන්ක ගුරුසිංහ, අරවින්ද ද සිල්වා, තිලකරත්න ඩිල්ෂාන් හා කුමාර් සංගක්කාර ඉනිම් දෙකේ දී ම ශතක වාර්තා කර තිබුණා.

අරවින්ද හා සංගක්කාර අවස්ථා දෙකකදී එම දක්ෂතාවය දක්වා තිබීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත්, නායකයා ලෙස මෙම දක්ෂතාවය දැක් වූ ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ පළමු පිතිකරු වන්නේ ධනංජය ද සිල්වායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...