තවත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකුට කොරෝනා

Date:

තවත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, එළඹෙන එංගලන්ත තරගාවලියට දින කිහිපයක් පමණක් ඉතිරිව ඇති පසුබිමකයි.

ඒ අනුව අදාළ ක්‍රීඩකයා මේ වන විට සෙසු ක්‍රීඩකයින්ගෙන් වෙන් කර හුදෙකලා කර ඇති බව සදහන්.

පසුගියදා තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අණාවරණය වූ අතර, ඒ අනුව මේ වන විට දකුණු අප්‍රිකා සංචිතයේ ක්‍රීඩකයින් සිව් දෙනෙකු හුදෙකලා කිරීමට ලක් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඔවුන්ගේ නම් දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කර නැහැ.

මේ හේතුවෙන් දකුණු අප්‍රිකා සංචිතයේ ක්‍රීඩකයින් අතර හෙට(21) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු තරගය ද අත්හිටුවීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පළමු 20යි 20 ක්‍රිකට් තරගය ලබන 27 වනදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...