තවත් එංගලන්ත වේග පන්දු යවන්නෙකු IPL ආරම්භක තරගවලින් ඉවත් වෙයි

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඩේවිඩ් විලීට 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහු මෙවර තරග වාරයේ දී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති නමුත්, පෞද්ගලික හේතුවක් මත ඔහුට පළමු තරග කිහිපය ක්‍රීඩා කිරීමට නොහැකි වී ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඔහු පසුගිය අයි.පී.එල් තරගාවලි ද්විත්වයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළා. කෙසේ වෙතත්, මෙවර තරග වාරය සදහා ඩේවිඩ් විලී ලක්නව් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ඔහුව ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි දෙකක මුදලකට එම කණ්ඩායම මිලදී ගැනීම හේතුවෙන්.

ඔහු පසුගිය මාස දෙකේ දී අබුඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායම හා මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම නියෝජනය කරමින් පිළිවෙලින් ILT20 හා PSL තරගාවලි සදහා ද ක්‍රීඩා කළා.

ඩේවිඩ් විලී අයි.පී.එල් තරගාවලියේ ආරම්භය සදහා ක්‍රීඩා නොකළ ද තරගාවලිය අතරතුර දී ඔහු ලක්නව් කණ්ඩායම සමග එක්වීමට ඉඩ ඇති බව සදහන්.

ඒ හේතුවෙන් ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට ලක්නව් පිල මෙතෙක් කටයුතු කර නැහැ.

මීට පෙර එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් කර ගැනීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කළා. ඒ, ඔහුගේ කාර්යය ප්‍රමාණය (workload) කලමණාකරණය කිරීමේ අරමුණින්.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන 22 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...