තරග රටා ත්‍රිත්වය වෙනුවෙන්ම බංග්ලාදේශයට නව නායකයෙකු පත් කෙරේ

Date:

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තරග රටා ත්‍රිත්වයේම නව නායකයා ලෙස නජ්මුල් හොසේන් ශන්තෝ පත් කර තිබෙනවා.

වසරක කාලයක් සදහා මෙම පත් කිරීම සිදු කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් සදහන් කළේ.

මෙය යම් තරමකට පුදුමයට කාරණයක් ද වී ඇත්තේ එළඹෙන ජූනි මාසයේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා බංග්ලාදේශ 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස ශකිබ් අල් හසාන් කටයුතු කිරීමට නියමිතව සිටි පසුබිමක නජ්මුල් හොසේන් ශන්තෝ මෙලෙස තරග රටා ත්‍රිත්වයේම නායකයා ලෙස නම් කිරීමට කටයුතු කිරීම හේතුවෙනුයි.

නමුත්, තමා 2023 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එක්දින නායකත්වයෙන් ඉවත් වන බව පසුගිය වසරේ පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශකිබ් අල් හසාන් විසින් නිවේදනය කර තිබුණා.

නවසීලන්තයට එරෙහිව මෑතකදී බංග්ලාදේශයේ දී පැවැති ටෙස්ට් තරගාවලියේ දී මෙන්ම එක්දින හා 20යි 20 තරගාවලියක් වෙනුවෙන් නවසීලන්තයේ සිදු කළ තරග සංචාරයේ දී ද නජ්මුල් හොසේන් ශන්තෝ විශිෂ්ඨ අන්දමින් කණ්ඩායම මෙහෙයවීම බොහෝ පාර්ශවවල පැසසුමට ලක් වුණා.

තරග රටා ත්‍රිත්වයේම නිත්‍ය නායකයා ලෙස පත් වීමෙන් පසුව ශන්තෝගේ පළමු අභියෝගය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන බංග්ලාදේශ තරග සංචාරයයි.

එම සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක්, 20යි 20 තරග 3ක් හා ටෙස්ට් තරග දෙකක් මාර්තු හා අප්‍රේල් මාසවලදී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...