තරග දෙකක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාව T 20 තරගාවලිය පරදියි

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග දෙකක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට (3-0) ඔස්ට්‍රේලියාව අද(15) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි 20යි 20 තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 6ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

කැන්බරාහි මැනුකා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගය සදහා ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක් සිදු කර තිබූ අතර, ඒ අනුව අවිශ්ක ප්‍රනාන්දු හා වනිදු හසරංග වෙනුවට කුසල් මෙන්ඩිස් හා ජෙෆ්රි වැන්ඩර්සේ කැදවීමට පියවර ගෙන තිබුණා.

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 121ක් පමණයි.

ශ්‍රී ලංකා මුල්පෙල පිතිකරුවන් මෙම තරගයේ දී ද ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් වූයේ නැහැ.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 9කටත්, චරිත් අසලංක ලකුණු 6කටත්, කුසල් මෙනඩිස් ලකුණු 4කටත් දැවී ගිය අතර, පැතුම් නිස්සංක ලකුණු 16ක් රැස් කළා.

නායක දසුන් ශානක නොදැවී ලකුණු 39ක් ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 25 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කේන් රිචර්ඩ්සන් කඩුලු 3ක් දවා ගත් අතර, ජොෂ් හේසල්වුඩ්, ඇෂ්ටන් ඒගාර් හා ග්ලේන් මැක්ස්වෙල් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 16.5ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

බෙන් මැක්ඩර්මට් ඉනිමේ පළමු පන්දුවෙන්ම දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වුණා.

මැක්ඩර්මට් සමග ඉනිම ආරම්භ කළ ඇෂ්ටන් ඒගාර් ලකුණු 13 කට දැවී ගියේ ද තීක්ෂණගේ පන්දුවක් හමුවේයි.

ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 39(26)ක් ලබා ගත් අතර, නායක ආරෝන් ෆින්ච් ලකුණු 35යි.

ජොෂ් ඉන්ග්ලිස් නොදැවී ලකුණු 21ක් හා මර්කස් ස්ටොයින්ස් නොදැවී ලකුණු 12ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහනය කරා රැගෙන ගියා.

කඩුලු දවා ගැනීම සදහා ආසන්න අවස්ථා කිහිපයක්ම ශ්‍රී ලංකාවට ලද නමුත්, එම අවස්ථා සාර්ථකව කඩුලු බවට පරිවර්තනය කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු රකින්නන් සමත් වූයේ නැහැ.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු 24කට කඩුලු 3ක් ද, ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 32කට එක් කඩුල්ලක් ද දවා ගත්තා.

මේ අතර, තරගයේ පන්දු යවමින් සිටින අතරතුර දී ආබාධයකට ලක්වීම හේතුවෙන් නුවන් තුෂාරට  ක්‍රීඩාංගනයෙන් ඉවත් වීමට ද සිදු වුණා.

ඒ හේතුවෙන් ඔහුට ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 1.1 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...