තරග ජයෙන් පසු මහේල මුම්බායි ක්‍රීඩකයින් ඇමතූ හැටි මෙන්න

Date:

අයි.පී.එල් තරගාවලියකදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ලැබූ පළමු තරග ජය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වන තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා ඔවුන් ලකුණු 49ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

මීට පෙර මුම්බායි කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ක්‍රීඩා කර තිබූ තරග හයම පරාජයට පත්ව තිබුණා.

අබුඩාබිහි පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 195ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 146ක් පමණයි.

තරගයෙන් අනතුරුව මුම්බායි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන ක්‍රීඩකයින් සමග කළ කෙටි රැස්වීමක දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

සියලු ක්‍රීඩකයින් මෙම තරගයේ දී හොදින් ක්‍රීඩා කළ බව සදහන් කළ මහේල ජයවර්ධන, රෝහිට් ෂර්මා සහ සූර්යකුමාර් යාදෙව් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබදතාවය ද ඇගයීමට ලක් කළා.

මීළග තරගයට දින 4ක් පවතින බවත්, ඉන් දින 2ක් විවේකීව පසුවන ලෙසත් මහේල මෙහිදී ක්‍රීඩකයින්ට උපදෙස් ලබා දුන්නා.

මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මුම්බායි කණ්ඩායම ලැබූ පළමු ජය මෙය බවත්, එය සැමරිය යුතු බවටත් ප්‍රකාශ කෙරුණු අවස්ථා සියලු දෙනාට හාස්‍යයට කරුණක් වනු දක්නට ලැබුණා.

ඊට අදාළ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...