තම රථයේ වීදුරුව කැඩෙන්නම ඕබ්‍රයන්ගෙන් හයේ පහරක්

Date:

අයර්ලන්ත පිතිකරු කෙවින් ඕබ්‍රයන්ට හරි අපූරු අත්දැකීමකට මුහුණ දෙන්න සිදු වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, එරට පැවැති අන්තර් පළාත් 20යි 20 තරගාවලියක තරගයක් අතරතුරදීයි.

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 12කට සීමා වූ මෙම තරගයේදී කෙවින් ඕබ්‍රයන් පන්දු 37කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 82ක්.

ඊට හයේ පහර 8ක් ඇතුළත්.

ඉන් එක් හයේ පහරක් ක්‍රීඩාංගණයේ රථගාල වෙත පතිත වී තිබූ බව සදහන්.

එය රථගාලේ තිබූ මෝටර් රථයක් මතට පතිත වී තිබූ අතර රථයේ පිටුපස වීදුරුව ද කැඩී ගොස් තිබුණා.

මෙහි ඇති පුදුමය දනවන කාරණය නම් මේ මෝටර් රථය අන් කිසිවෙකුගේවත් නොව කෙවින් ඕබ්‍රයන්ගේම වීමයි.

වීඩියෝ දර්ශන සහ ඡායාරූප පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...