ඩොලර් මිලියන දෙකක් ගන්න ක්‍රිකට් බලධාරීන් උත්සාහයක ; නිලධාරියෙක් රටෙත් නැහැ : ක්‍රීඩා ඇමති

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ වන විට ලංකා බැංකුවේ නිදහස් චතුරශ්‍ර ශාඛාවේ සිය ගිණුමෙන් ඩොලර් මිලියන දෙකක මුදලක් ආපසු ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

අද(9) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ නිලවරණයකින් පත් වූ ක්‍රිකට් ආයතන ලේකම්වරයා නොමැති පසුබිමක එවැනි කටයුත්තක් සිදු කිරීමට අනුමැතිය ලබා ගැනීම ද ගැටලුවක් බවයි.

මේ වන විට පරිපාලනයට සම්බන්ධ එක් නිළධාරියෙකු රටින් පිටව ගොස් ඇති බවත්, ඒ අනුව පරිපාලනයේ නිරත නිලධාරීන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අත්හිටුවීමට ගත හැකි පියවර සොයා බැලිය යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියා.

මෙම අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කර සිටියේ අදාළ මුදල් ගැනීමට ගන්නා උත්සාහය සම්බන්ධයෙන් වහාම ජනාධිපතිවරයා දැනුවත් කර එය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි. (දර්ශන පහතින්)

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සදහා දූෂිත වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලය වහා ඉවත් විය යුතු යැයි ද, දූෂණයෙන් තොරව ක්‍රිකට් පරිපාලනය විනිවිදභාවයෙන් යුතුව පවත්වාගෙන යාම සදහා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් නව නීති පද්ධතියක් පනතක් හරහා සම්මත කළ යුතු යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද පාර්ලිමේන්තුව වෙත යෝජනාවක් ඉදිරිපත් කළා.

ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ඒකාබද්ධ ලෙස ගෙන ආ මෙම යෝජනාව ස්ථීර කළේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින්.

මීට අදාළ ඡන්ද විමසීමක් අද පස්වරු 5.30ට පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...