ඩේල් ස්ටේන් LPL තරගාවලියට – මලික් දිවයිනට

Date:

දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව තමා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන බවයි ඔහු සදහන් කර සිටියේ.

මේ අතර, මෙවර තරගාවලියේ දී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අරමුණින් පාකිස්තාන පිතිකරු ෂොයිබ් මලික් ඊයේ රාත්‍රී කාලයේ දී දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ, EK 648 දරන එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයෙන්.

ඔහු යාපනය කණ්ඩායම සමග මේ වන විට එක්ව සිටින 5 වැනි විදෙස් ක්‍රීඩකයා ද වනවා.

එම කණ්ඩායමේ 6 වැනි විදෙස් ක්‍රීඩකයා ලෙස එක්වීමට නියමිතව ඇත්තේ කොදෙව් පිතිකරු ජොන්සන් චාර්ල්ස්.

එළඹෙන 25 වනදා ජොන්සන් චාර්ල්ස් දිවයිනට ළගා වීමට නියමිත බවයි ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...