ටේලර් මහනුවර ටස්කර්ස් කණ්ඩායමට

Date:

සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩක බ්‍රෙන්ඩන් ටේලර් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව තමා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීම සදහා ගිවිසුම් ගත වී ඇති බවයි ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තහවුරු කර සිටියේ.

පසුගියදා තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කළ කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් වෙනුවට ටේලර් එම කණ්ඩායම සමග එක්වී ඇති බව සදහන්.

ඔහු ලබන 25 වනදා දිවයිනට ළගා වීමට නියමිත අතර, නිරෝධායන කාලසීමාවක් ගත කිරීමට සිදු වන බැවින් තරගාවලියේ පළමු තරග කිහිපය බ්‍රෙන්ඩන් ටේලර්ට අහිමි වනු ඇති.

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිත විදෙස් ක්‍රීඩකයින් –

ඉර්ෆාන් පතාන් (IND), නවීන් උල් හක්(AFG), මුනාෆ් පටෙල්(IND), රහ්මනුල්ලාහ් ගුර්බාස් (AFG), සොහයිල් තන්වීර් (PAK) සහ බ්‍රෙන්ඩන් ටේලර් (ZIM)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...