ටෙස්ට් සංචිතයෙන් නෙරපූ මැක්ස්වීනි බ්‍රිස්බේන් පිලට අවසන් පන්දුවේදී ජය ගෙනෙයි

Date:

බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයෙන් ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරදා අවසන් පන්දුවේදී කඩුලු තුනක තියුණු ජයක් වර්තා කිරීමට බ්‍රිස්බේන් හීට් කණ්ඩායම සමත් වුණා.

මීට දින කිහිපයකට පෙර ඉන්දියාවට එරෙහි අවසන් ටෙස්ට් තරග දෙකෙන් ඉවත් කෙරුණු මුල්පෙල පිතිකරු නේදන් මැක්ස්වීනි මෙම තරගයේදී නොදැවී ලකුණු 78(49) ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 10 ක් ඇතුළත්.

බ්‍රිස්බේන්හි පැවැති තරගය ජය ගැනීම සදහා හීට් කණ්ඩායමට ලකුණු 175 ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් තරගයේ අවසන් පන්දුවේදී කඩුලු 7ක් දැවී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

මැට් රේන්ෂෝ ලකුණු 54(27) ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 3 ක් හා හතරේ පහර 4 ක් සමගින්.

පන්දු යැවීමේ දී Henry Thornton හා Lloyd Pope කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ස්ට්‍රයිකර්ස් පිල කඩුලු 6 ක් දැවී ලකුණු 174 ක් ලබා ගත්තේ ජෙමී ඕවර්ටන් නොදැවී ලබා ගත් ලකුණු 45(24) න් ශක්තිමත් වෙමින්. ඔලී පෝප් ලකුණු 34 යි.

පන්දු යැවීමේ දී Will Prestwidge ලකුණු 16 කට කඩුලු දෙකක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...