ටයිටන්ස් 89 ට දවා ගත් කැපිටල්ස් පිලට කඩුලු හයක ජයක්

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 32 වැනි තරගයේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 89 කට දවා ගනිමින් කඩුලු හයක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අද(17) සමත් වුණා.

අහ්මදාබාද්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කැපිටල්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 89 කට දැවී ගියේ පන්දුවාර 17.3 ක් තුළදීයි.

එය අයි.පී.එල් ඉතිහාසයේ දී ටයිටන්ස් කණ්ඩායම දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාව වන අතර, මෙම තරග වාරයේ දී කණ්ඩායමක් දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාව ද වනවා.

රෂීඩ් ඛාන් පන්දු 24 කින් ලකුණු 31 ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණා. ටයිටන්ස් පිතිකරුවන් අතරින් ලකුණු 10 සීමාවට පැමිණි සෙසු පිතිකරුවන් වූයේ සායි සුදර්සන් (ලකුණු 12) හා රාහුල් තෙවාටියා (ලකුණු 10) පමණයි.

පන්දු යැවීමේ දී මුකේෂ් කුමාර් ලකුණු 14 කට කඩුලු 3 ක් දවා ගත්තා. ඉෂාන්ට් ෂර්මා හා ට්‍රිස්ටන් ස්ටබ්ස් කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 8.5 ක් පමණක් වැය කරමින් කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Jake Fraser-McGurk ලකුණු 20 ක්, ෂේයි හෝප් ලකුණු 19 ක් හා රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 16 ක් ලබා ගත්තා. අභිෂේක් පොරෙල් ලකුණු 15 යි.

පන්දු යැවීමේ දී සංදීප් වොරියර් කඩුලු දෙකක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...