ජොන්සන්ගේ කඩුලු පහ හමුවේ පාකිස්තානය T20 තරගාවලිය පරදියි

Date:

පාකිස්තානය සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 13 ක ජයක් වාර්තා කරමින් තරග 3 කින් යුත් තරගාවලියේ ජය ද එක් තරගයක් ඉතිරිව තිබියදී තහවුරු කර ගැනීමට (2-0) ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(16) සමත් වුණා.

සිඩ්නිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 9 ක් දැවී ලකුණු 147 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 134 ක් පමණයි.

උස්මාන් ඛාන් පන්දු 38 කින් ලකුණු 52 ක් රැස් කළ අතර, ඉර්ෆාන් ඛාන් නොදැවී ලකුණු 37(28) යි. මොහමඩ් රිස්වාන් ලකුණු 16 කට දැවී ගියා. වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 5 සීමාව ඉක්මවා යාමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී ස්පෙන්සර් ජොන්සන් ලකුණු 26 කට කඩුලු 5 ක් දවා ගත්තා. ඇඩම් සම්පා කඩුලු දෙකක් දවා ගත්තේ ලකුණු 19 ක් ලබා දෙමින්.

පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මැතිව් ශෝර්ට් ලකුණු 32 ක්, ආරෝන් හාර්ඩි ලකුණු 28 ක් හා ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 21 ක් රැස් කළා. ජේක් ෆ්‍රේසර් මැක්ගර් ලකුණු 20 යි.

පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් ලකුණු 22 කට කඩුලු 4 ක් හා අබ්බාස් අෆ්රිඩි ලකුණු 17 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...