ජෙයිඩන් සීල්ස් පළමු ටෙස්ට් තරගයට නම් කරයි

Date:

දකුණු අප්‍රිකාව සමග හෙට(10) ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් සංචිතයට 19 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක ජෙයිඩන් සීල්ස් (Jayden Seales) නම් කර තිබීම විශේෂත්වයක්.

මීට පෙර ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් එරට ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කර තිබූ අතර, ඊට ඇතුළත්ව සිටි ෂැනොන් ගේබ්‍රියල් (ආබාධයක්), ඩැරන් බ්‍රාවෝ, ජහ්මාර් හැමිල්ටන් (Jahmar Hamilton) සහ ජොමල් වෝරිකන් (Jomel Warrican) මෙම සංචිතයට නම් කර නැහැ.

පළමු තරගය සදහා වන සංචිතයට ෂායි හෝප් සහ කිරන් පවෙල් ද කැදවා තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට(10) මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙවැනි තරගය ජූනි 18 වනදා ද ආරම්භ වන අතර, තරග දෙකම ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ මෙම කණ්ඩායම් දෙක ක්‍රීඩා කරන අවසන් තරගාවලියයි.

කොදෙව්වන් එහි ප්‍රසාද ලකුණු සටහනේ (ප්‍රතිශත අනුව) 6 වැනි ස්ථානයේ පසු වන අතර, දකුණු අප්‍රිකාව රැදී සිටින්නේ 7 වැනි ස්ථානයේ යි.

WI Squad for first Test:

Kraigg Brathwaite (Captain), Jermaine Blackwood (Vice Captain), Nkrumah Bonner, Roston Chase, Rahkeem Cornwall, Joshua Da Silva, Jason Holder, Shai Hope, Alzarri Joseph, Kyle Mayers, Kieran Powell, Kemar Roach, Jayden Seales

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...