ජැෆ්නා ස්ටැලියන්ස් පිට පිට තෙවැනි ජයත් ලබයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය අපරාජිත වාර්තාව තවදුරටත් රැක ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ප්‍රබල ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අද(1) සමත් වුණා.

ඒ, හම්බන්තොට පැවැති මෙවර තරගාවලියේ 8 වැනි තරගයෙන් ද ඔවුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ලකුණු 54කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 185ක් ලබා ගත්තා.

පෙර තරගයේ දී මෙන්ම නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ තිසර පෙරේරා පන්දු 28කින් වේගවත් ලකුණු 68ක් රැස් කළේ හයේ පහර සහ හතරේ පහර 5 බැගින් එල්ල කරමින්.

ධනංජය ද සිල්වා පන්දු 38කින් ලකුණු 61ක් රැස් කළා.(6×3, 4×5)

පන්දු යැවීමේ දී නවීන් උල් හක් ලකුණු 44කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට පන්දුවාර 17.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 131ක් පමණයි.

බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 46ක් සහ අසේල ගුණරත්න 31ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී උස්මාන් ශින්වාරි ලකුණු 17කට කඩුලු 3ක් බිද හෙලූ අතර, වනිදු හසරංග, තිසර පෙරේරා සහ සුරංග ලක්මාල් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ තිසර පෙරේරා.

මෙම තරගයේ දී චතුරංග ද සිල්වාගේ කඩුල්ල දවා ගැනීම සදහා අසේල ගුණරත්න ලබාගත් සුපිරි උඩ පන්දුව වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා.

ඊට අදාළ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...