ජැෆ්නා කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ධූරයට පළමු වරට වෙනසක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම වන ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් වීමට තිළිණ කණ්ඩම්බි තීරණය කර තිබෙනවා.

2020 වසරේ දී LPL තරගාවලිය ආරම්භ වීමත් සමග මෙතෙක් පැවැති තරග වාර 4 තුළ දී ම ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ඔහුයි.

පළමු තරගාවලියේ දී මෙම කණ්ඩායම ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායම ලෙසයි හදුන්වනු ලැබුවේ.

කණ්ඩම්බිගේ පුහුණුකාරීත්වය යටතේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමු අදියර ත්‍රිත්වයේ දී ම ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා.

2023 අදියරේ දී ජැෆ්නා කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලැබූ නමුත්, අවසන් මහා තරගයට ඔවුන්ට සුදුසුකම් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...