ජාතික ක්‍රීඩා අරමුදල් සම්බන්ධව ෂම්මි සිල්වා කළ ප්‍රකාශය අසත්‍යක් – ක්‍රීඩා අමාත්‍යංශය

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලට ලබා දුන් මුදල් හිතවතුන් අතර බෙදා දෙමින් අවභාවිතා කළේ යැයි ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා පසුගියදා එල්ල කළ චෝදනාව පදනම් විරහිත, අසත්‍ය හා සාහසික ප්‍රකාශයක් බව ක්‍රීඩා අමාත්‍යංශය පවසනවා.

එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික ක්‍රීඩා අරමුදලට බැර කල මුදල් වියදම් වූ ආකාරය පිළිබදව සවිස්තරාත්මක වාර්තාවක් ද ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදල සදහා ලබා දී ඇති මුදල රුපියල් 289,990,000 ක් බවත්, ඉන් ජාතික ක්‍රීඩා අරමුදල මේ වන විට වැය කර ඇති මුදල රුපියල් 257,349,179 ක් බවත් ක්‍රීඩා අමාත්‍යංශය පෙන්වා දෙනවා. ඉතිරිව ඇති ශේෂය රුපියල් 32,640,821 ක්.

“මාධ්‍ය ඉදිරියේ මෙවැනි අසත්‍ය ප්‍රකාශයන් සිදු කරමින් ජනතාව නොමග යවමින් තම බලය රැකගැනීමට වියරුවෙන් කටයුතු කරන ෂම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් පරිපාලනයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට කිසිදු වැඩපිලිවෙලක් නොමැති බවත්, අති විශාල වරප්‍රසාද ලබන නිළධාරීන් තම සේවාව, වගකීම නිසියාකාරව සිදු නොකරන බවත්, ඔවුන් හට ක්‍රිකට් සම්බන්ධව නිවැරදි දැනුමක් හා දැක්මක් තිබුණිනම් පසුගිය ලෝක කුසළාන තරගාවලි‍ය ලෝක වාර්තා පිහිටුවමින් අසාර්ථක ලෙස පරාජය නොවී රටේ කීර්තිය හා ගෞරවය රැකෙන අයුරින් ක්‍රියාකිරීමට හැකියාව තිබූ බවත් ඊයේ (12) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති පුහුණුකරුවන්ගේ හා ක්‍රීඩකයින්ගේ මාධ්‍ය හමුවේ දී හෙළි විය.” යනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

“මෙම තත්ත්වය පෙර සිටම හදුනාගත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය T20 ක්‍රිකට් ලෝක කුසලාන ඕස්ට්‍රේලියානු සංචාරය පිළිබදව කුසළා සරෝජනී වාර්තාව සහ විගණනයේ ඉහලම ආයතනය වන ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ විගණන වාර්තාව අනුව දූෂිත හා අසාර්ථක ක්‍රිකට් පාලක මන්ඩලය විසුරුවා හැර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නංවාලියහැකි දක්ෂ පලපුරුදු අතුරු පාලක කමිටුවක් පත් කළද, බලය අත හැරීමට අකමැති පාලකයින් එහි රැදී සිටිමින් මාධ්‍ය හරහා අසත්‍ය හා පදනම් විරහිත චෝදනා පමණක් සිදු කරමින් ලෝකයේ පිළිගත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතනක් ප්‍රකාශ කරන අන්දමට තම රටට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් තහනම පැනවීමටද මූලිකත්වය ගෙන ද්‍රොහී ක්‍රියාවක් සිදු කරමින් තම බලය රැකගැනීමට කටයුතු කරගෙන යන බව රටට ම හෙලි වී ඇත.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...