ජමීසන් අවසන් තරග දෙකෙන් විවේක ගන්වද්දී ඇලන් දෙවැනි තරගයෙන් ඉවත් කරයි

Date:

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ක්යල් ජමීසන් බංග්ලාදේශයට එරෙහි දෙවැනි හා තෙවැනි එක්දින ක්‍රිකට් තරගවලින් විවේක ගැන්වීමට එරට ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය අරමුණු කර ගනිමින් ඔහුව මෙලෙස විවේක ගැන්වීමටයි පියවර ගෙන ඇත්තේ.

බංග්ලාදේශයේ සිට පසුගිය සතියේ දී ජමීසන් නවසීලන්තයට පැමිණීමෙන් පසුව ඔහුගේ පාදයක යම් ආබාධ තත්ත්වයක් ද හට ගෙන තිබීම මෙම තීරණය ගැනීමට හේතු වී තිබෙනවා.

නවසීලන්ත කණ්ඩායම බංග්ලාදේශ තරග සංචාරයක නිරත වී තිබුණේ තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහායි. එම තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙනුයි අවසන් වුණේ.

ජමීසන්ගේ ආබාධය හේතුවෙන් එක්දින තරගාවලියට පෙර නවසීලන්ත සංචිතයට කැදවා තිබූ බෙන් සියර්ස් තවදුරටත් සංචිතයේ රැදී සිටීමට නියමිතයි.

මේ අතර, ෆින් ඇලන් දෙවැනි එක්දින තරගයෙන් ඉවත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා. ඒ, ඔහුට Super Smash තරගාවලියේ දී Auckland Aces කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙමින්.

කෙසේ වෙතත්, ඔහු දෙරට අතර පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් නවසීලන්තය ජය ගත් අතර, දෙවැනි එක්දින තරගය බදාදා නෙල්සන් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

New Zealand squad for rest of ODI series:

Tom Latham (c), Will Young, Tom Blundell (wk), Henry Nicholls, Mark Chapman, Josh Clarkson, Rachin Ravindra, Adithya Ashok, Jacob Duffy, Adam Milne, William O’Rourke, Ben Sears, Finn Allen (only third ODI)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...