චෙන්නායි පිලට ඓතිහාසික පරාජයක් – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 41 වන තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 10ක ජයක් වාර්තා කිරිමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

චෙන්නායි කණ්ඩායමක් කඩුලු 10කින් අයි.පී.එල් තරගයක් පරාජයට පත් වූ ඉතිහාසයේ පළමු තරගය ලෙසයි මෙය වාර්තා අතරට එක් වුණේ.

සාජාහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ආබාධයක් හේතුවෙන් මුම්බායි කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිට් ෂර්මා මෙම තරගය සදහා ක්‍රීඩා නොකළ අතර, එම නිසා වැඩබලන නායකයා ලෙස කිරන් පොලාඩ් කටයුතු කළා.

පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි පිලට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 114ක් පමණයි.

ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 3ක්ව තිබියදී දවා ගැනීමට මුම්බායි පන්දු යවන්නන් සමත් වුණා.

චෙන්නායි පිලේ ගැලවුම්කරුවා බවට පත් වූ සෑම් කරන් පන්දු 47කින් ලකුණු 52 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 18කට කඩුලු 4ක් බිද හෙලූ අතර, ජස්ප්‍රිට් බුම්රා සහ රාහුල් චහාර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම තරගයේ ජය වාර්තා කළේ පන්දුවාර 12.2ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී සිටියදීයි.

ක්වෙන්ටන් ඩී කොක් නොදැවී ලකුණු 46ක් සහ ඉෂාන් කිෂාන් නොදැවී ලකුණු 68ක් රැස් කළා.

කිෂාන්ගේ ඉනිම පන්දු 37කින් වාර්තා වූ අතර, ඔහුගේ ඉනිම හයේ පහර 5කින් සහ හතරේ පහර 6කින් වර්ණවත් වී තිබුණා. (තරගයේ විශේෂ අවස්ථා නැරඹීම සදහා මෙතන ක්ලික් කරන්න)

මෙම ජයග්‍රහනයත් සමග මුම්බායි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ දිනා ගැනීමට සමත් වුණේ ප්‍රසාද ලකුණු 14ක් හිමි කර ගනිමින්.

ඔවුන් තරග 10කදී ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 7ක්.

තරග 10කදී ප්‍රසාද ලකුණු 14ක්ම හිමි කර ගෙන ඇති දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.

තරග 11කට ක්‍රීඩා කර තරග 8ක් පරාජයට පත්ව සිටින චෙන්නායි කණ්ඩායමට මෙම පරාජයත් සමග තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදු වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...