චෙන්නායි අර්බුදයකට ඇද දමමින් පතිරණ හා තීක්ෂණ යළි ශ්‍රී ලංකාවට – මුස්ටර්ෆිසුර් බංග්ලාදේශයට

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු වන වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ හා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ යළි ශ්‍රී ලංකාව බලා තාවකාලිකව පිටත්ව යන බව චෙන්නායි කණ්ඩායමේ පුහුණුකරු ස්ටීවන් ෆ්ලෙමින්ග් පවසනවා.

ඊයේ(1) රාත්‍රියේ පංජාබ් කිංග්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් චෙන්නායි කණ්ඩායම පරාජයට පත් වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු ඒ බව සදහන් කළා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී ලබන මාසයේ දී පැවැත්වෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ වීසා වැඩකටයුතු කිහිපයක් වෙනුවෙන් ඔවුන් දෙදෙනා එලෙස මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත්, එළඹෙන 5 වැනිදා පංජාබ් කිංග්ස් කණ්ඩායමටම එරෙහිව ධරම්සාලාහී දී පැවැත්වීමට නියමිත අයි.පී.එල් තරගයට පෙර ඔවුන් දෙදෙනා යළි කණ්ඩායම හා එක් වනු ඇති බවට චෙන්නායි පුහුණුකරු අපේක්ෂාවෙන් පසුවනවා.

මතීෂ පතිරණ ආබාධයකට ද ලක්ව සිටි අතර, ඒ හේතුවෙන් ඔහුට ඊයේ තරගය ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

මේ අතර, ඊයේ පංජාබ් කණ්ඩායමට එරෙහිව පැවැති තරගය බංග්ලාදේශයේ මුස්ටර්ෆිසුර් රහ්මාන් මෙවර අයි.පී.එල් තරගාවලියේ දී ක්‍රීඩා කළ අවසන් තරගයයි. ඒ අනුව ඔහු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම වෙනුවෙන් යළි බංග්ලාදේශය බලා පිටත්ව යනවා.

මේ අතර, අසනීප තත්ත්වයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක තුෂාර් දේශ්පන්ඩේට ඊයේ තරගය අහිමි වූ අතර, දීපක් චහාර් ද පන්දු දෙකක් පමණක් යොමු කිරීමෙන් පසුව ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා. චහාර්ගේ ආබාධ තත්ත්වය ද තරමක් බරපතල බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ඒ අනුව මේ වන විට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර, මතීෂ පතිරණට හා මහීෂ් තීක්ෂණට මීළග තරගයට පෙර යළි චෙන්නායි කණ්ඩායම සමග එක්වීමට නොහැකි වුවහොත් එය තවත් තීව්‍ර වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...