චමීර, පාන්ඩ්යා හා මොහ්සින්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ පංජාබ් කණ්ඩායමට ලකුණු 20ක පරාජයක්

Date:

ක්වෙන්ටන් ඩී කොක් හා දීපක් හූදාගේ පිතිකරණ දක්ෂතාත්, දුෂ්මන්ත චමීර ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂතාත් හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 42 වැනි තරගයෙන් ජය වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අද(29) සමත් වුණා.

පූනේ හි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ පංජාබ් කිංග්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ පන්ජාබ් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි ලක්නව් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 153ක් ලබා ගත්තා.

ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 46ක් හා දීපක් හූදා ලකුණු 34ක් රැස් කළා. ඩී කොක් දැවී ගියේ සන්දීප් ෂර්මාගේ පන්දුවක් හමුවේ ජිටේෂ් ෂර්මා අතට උඩ පන්දුවක් ලබා දීමෙන්.

එම අවස්ථාවේ දී විනිසුරු විසින් එය දැවී යාමක් නොවන බවට තීන්දු කළ ද, තමා දැවී ගිය අයෙකු ලෙස සලකමින් ඩී කොක් ක්‍රීඩාගාරය වෙත ගමන් කිරීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා. (දර්ශන පහතින්)

මෙම තරගයේ දී ඔවුන්ගේ මැද පෙල පිතිකරුවන්ගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් හිමි වූයේ නැහැ. ලක්නව් ඉනිමේ මැදපෙල කඩුලු 5ක් ලකුණු 13ක් තුළ බිද වැටීම කැපී පෙනුණා.

කෙසේ වෙතත්, බිද වැටුණු ඉනිමට යම් සාර්ථක අවසානයක් ගෙන දුන් දුෂ්මන්ත චමීර හයේ පහර දෙකක් සමගින් පන්දු 10කින් ලකුණු 17ක් රැස් කළා.

ජේසන් හෝල්ඩර් ලකුණු 11(8)ක් ද, මොහ්සින් ඛාන් නොදැවී ලකුණු 13(6)ක් ද වාර්තා කළා.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා ලකුණු 38කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 133ක් පමණයි.

නායක මයාන්ක් අගාර්වල් ලකුණු 25කටත්, ජොනී බෙයාර්ස්ටව් ලකුණු 32කටත් දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත් වුණා.

චමීර මෙම තරගයේ දී සිය පන්දුවාර 4 තුළ ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 17ක් පමණයි.

භානුක රාජපක්ෂ ලකුණු 9(7)කට දැවී ගියා.

රිෂී ධවාන් නොදැවී ලකුණු 21ක් හා ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 18ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මොහ්සින් ඛාන් ලකුණු 24කට කඩුලු 3ක් හා කෘනාල් පාන්ඩ්යා ලකුණු 11කට කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...